සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අධ්‍යාපන අමාත්‍යවරයා සිය නිවැරදිභාවය ඔප්පු නොකර නිලධාරීන් දඩයම් කිරීමට පමණක් කටයුතු කරමින් සිටිනවා – ලංකා ගුරු සංගමය

Podu Jana Peramunaමෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදුවූ බව පැවසෙන වංචා සහ දූෂණයන් පිළිබදව අපක්ෂපාති ලෙස නිසිපරිදි විමර්ශන සිදුකිරීමට අදාළ සහාය ලබාදීම වෙනුවට ක්‍රියාත්මක වන අධ්‍යාපන නිලධාරින් දඩයම් කිරීමේ උත්සහය දැඩිව හෙළාදකින බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටියි.එම සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් කර ඇත.

ඒ අනුව එසේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන් දඩයම් කිරීම වහා අත්හිටුවීමට කටයුතු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ස්ටාලින් මහතා සිය නිවේදනයේ තවදුරටත් සඳහන් කර තිබේ. අමතර මුදලක් වැයකර වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ රුව රැගත් වර්ණ ඡායාරූපයක් පාසල් පෙළපොත් තුළ මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත්කර ඇති කොමිසම විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් එම කොමිසමට සාක්ෂි ලබාදුන් හිටපු ග‍්‍රන්ථ ප‍්‍රකාශන කොමසාරිස් අයි.බී.සී.කේ. ඉලංගසිංහ මහතාට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය තුළ මේ වන විට යම් ක්‍රියාදාමයක් දියත් වෙමින් පවතින බවත් මෙම නිවේදනයෙහි තවදුරටත් සදහන් කර තිබේ.

අදාළ නිලධාරියාට මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන සේවා ආයතනයේ සංචිතය වෙත ස්ථාන මාරුවක් ලබාදී ඇති අතර එම නිලධාරියාට එරෙහිව ඉදිරියේදී විනය පරීක්ෂණයක් පැවැත්වීමට පවා නියමිතව ඇති බව ද ජෝසෆ් ස්ටාලින් මහතා සිය නිවේදනයෙහි තවදුරටත් සදහන් කර තිබේ. විමර්ශනයකට අදාළ කිසිදු චෝදනා පත‍්‍රයක් හෝ ලබානොදී ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියෙකු වූ ඉලංගසිංහ මහතාට මෙම ස්ථානමාරුව ලබාදී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සිය නිවැරදිභාවය ඔප්පු නොකර නිලධාරීන් දඩයම් කිරීමට පමණක් කටයුතු කරමින් සිටින බව මනාව පැහැදිලි වන බවත් ජෝසෆ් ස්ටාලින් මහතා තවදුරටත් අනාවරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට