සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වසර 02 ක් පුරා රටවල් 09 ක්, ලෝක ටෙස්ට් ශූරතාවලිය හෙටින් ඇරඹේ..

Podu Jana Peramunaජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත සටහනෙහි පළමු ස්ථාන 09 තුළ රැදී සිටින ලොව රටවල් සහභාගි වන ලෝක ටෙස්ට් ශූරතාවලිය හෙට (01) ආරම්භ වීමට නියමිතව ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇති බව වාර්තා වේ. මෙම තරගාවලියේ වසර දෙකක් පුරා අදාළ කණ්ඩායම් තරග වදින අතර එය තරගාවලි 27 කින් සහ ටෙස්ට් තරග 72 කින් සමන්විත වනු ඇත. හෙට එංගලන්තයේදී ඇරඹෙන අළු බදුන ටෙස්ට් තරගාවලියෙන් ලෝක ටෙස්ට් ශූරතාවලිය ආරම්භ වේ.

ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් මෙම තරගාවලියේදී තරග කරනු ලබයි.

ලෝක ටෙස්ට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ලබන අගෝස්තු 14 වනදා නවසීලන්තය සමගත් ඔක්තෝම්බර් මාසයේ දී පාකිස්ථානය සමග තරග දෙකකටත් සහභාගිවීමට නියමිතව තිබේ. එමෙන්ම ලබන වසරේදී එංගලත්තය, බංග්ලාදේශය සමඟත් 2021 වසරේදී දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟත් ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතය. මෙම තරග වලින් අනතුරුව ඉහළින්ම සිටින ටෙස්ට් කණ්ඩායම් දෙක ලෝක ටෙස්ට් ශූරතාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය. අදාළ අවසන් තරගය 2021 වසරේදී එංගලන්තයේ දී පැවැත්වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට