සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උසස් අධ්‍යාපන පනත් කෙටුම්පතින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කෙරෙහි අහිතකර බලපෑමක්, දැඩි විරෝධය පළකරනවා – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

Podu Jana Peramunaආණ්ඩුව විසින් පසුගිය 17 වනදා ඉදිරිපත් කරන ලද උසස් අධ්‍යාපන පනත් කෙටුම්පත මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය කෙරෙහි දැඩි, අහිතකර බලපෑමක් එල්ලකරනු ඇති අතර මේ තුළින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නොවැදගත් ආයතනයක් බවට පත්වනු ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවධාරණය කර සිටියි. ඊයේ (30) කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජික දිලීප විතාරණ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

එහිදී වැඩිදුරටත් සිය අදහස් පළකල විතාරණ මහතා පහත පරිදි කරුණු දක්වන ලදී.

මෙම පනත් කෙටුම්පත තුළින් විශ්වවිද්‍යාල තත්ත්ව ආරක්ෂණය සහ ප්‍රතිතන ක්‍රියාවලිය අතිශයින්ම විවාදාත්මක කමිටුවකට පැවරෙනවා. මෙමගින් සිද්ධවෙන්නේ පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන තුළ අධ්‍යාපනය ලබන සිසුන්ට රාජ්‍ය විශ්වවිද්‍යාල තුළට ඇතුළත් වීමේ අවස්ථාවක් හිමිවීම.

මෙමගින් රාජ්‍ය විශ්වවිද්‍යාලත් උපාධි ලබාදෙන පුද්ගලික උසස් අධ්‍යාපන ආයතනත් සම තත්ත්වයකට පත්වීම. රට වෙනුවෙන් අවශ්‍ය සමාජීය පරීක්ෂණ සිදුකර ගැටළු සදහා විසදුම් ලබාදීමේ දැවැන්ත වගකීමක් තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාල, සිය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්වුවත් පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන මූලික වශයෙන් සැලකිලිමත් වන්නේ සිය ලාභය ගැන පමණයි. මෙවැනි තත්ත්වයන් හමුවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම බිදදැමීමේ අවදානමකට ලක්කරන මෙම පනතට තම සංගමය දැඩි ලෙස විරෝධය පළකරනවා. මෙම මාධ්‍ය හමුවට සහභාගිවෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ද පහත පරිදි සිය අදහස් මාධ්‍ය වෙත පළකරන ලදී. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින ගැටළු විසදීමට යැයි පවසමින් බලධාරීන් මෙවැනි පනතක් හදුන්වාදුන් ද බලධාරීන් අදාළ ගැටළු පිළිබද පූර්ණ අවබෝධයකින් තොරව මෙම පනත සම්මත කරගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිනවා. මෙම මාධ්‍ය හමුව සදහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු, ලේකම් රොහාන් ලක්සිරි, සාමාජිකයින් වන මහාචාර්ය හරිනි අමරසූරිය සහ චාරුදත්ත ඉලංගසිංහ යන මහත්ම මහත්මී් න් ද සහභාලි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට