සත්‍යයේ පුවත් අඩහැරය….

අවසන් තරගය ජයගත් ශ්‍රී ලංකාවට මාස 44 කට පසු මෙරටදී පූර්ණ එක්දින තරගාවලි ජයක්..

Podu Jana Peramunaබංග්ලාදේශය සමඟ පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (31) සමත්විය. අවසන් එක්දින තරගයත් ලකුණු 122 කින් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී පූර්ණ එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කරන ලද්දේ මාස 44 කට පසුව වීම විශේෂත්වයකි. ඊයේ තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 294 ක් රැස් කිරීමට සමත්විය. ඇන්ජලෝ මැතිව්ස් එක් හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමඟින් ලකුණු 87 ක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් ලකුණු 54 ක් සහ නායක දිමුත් කරුණාරත්න ලකුණු 46 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. ශ්‍රී ලංකාව විසින් ලබාදෙන ලද ඉලක්කයට පිළිතුරු සැපයීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 36 ක් තුළ ලකුණු 172 කට දැවී ගියේය. දසුන් ශානක ලකුණු 27 කට කඩුළු 03 ක් ද කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුළු 02 බැගින් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට