දිවයිනේ ස්ථාන රැසකට වැසි..
අද (02) දිනය තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි ස්ථාන රැසක වැසි ඇති වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. නැගෙනහිර, ඌව පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි ඇති විය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.