සත්‍යයේ පුවත් අඩහැරය….

වෙඩි තබා ජේලර්වරයෙකු ඝාතනය කිරීම, පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..

Podu Jana Peramunaඊයේ (03) වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ කොළඹ බන්ධනාගාර පුහුණු පාසලේ ප‍්‍රධාන ජේලර්වරයා සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියි. ජේලර්වරයාට වෙඩි තැබීමේ සිද්ධියට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සම්බන්ධ දැයි සොයා බැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින්ද පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට නියමිතව ඇත. ජීවිතක්‍ෂයට පත් වූ ප‍්‍රධාන ජේලර්වරයා කලක් ගාල්ල බන්ධනාගාරයේ රාජකාරී සිදුකර ඇති අතර එහිදී ඔහුට මරණ තර්ජන එල්ලවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

මීටියාගොඩ ප‍්‍රදේශයේදී ඉකුත් වසරේ හෙරොයින් සමග දෙදෙනෙකු අත්අඩංගුවට පත්වන ලද අවස්ථාවේ දී මෙම ප‍්‍රධාන ජේලර්වරයා ද එහි සිට ඇති අතර ඒ අනුව ඔහු වැඩතහනමකට ද ලක්ව තිබේ. පසුව කොළඹ බන්ධනාගාර පුහුණු පාසලේ ප‍්‍රධාන ජේලර්වරයා ලෙස යළි සේවයට එක්ව මිය යනතුරුම එහි සේවයේ යෙදී ඇත.

මේ වන විට බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී යන අය විසින් ද මෙම ජේලර්වරයාට මරණ තර්ජන එල්ලකර තිබෙන බවට මේ වන විට තහවුරු වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට