සත්‍යයේ පුවත් අඩහැරය….

ඊද් දුල් අල්හා හජ් මංග්‍යලය, ඉස්ලාම් දහමේ පවතින දාර්ශනික හරය තුළ මනුෂ්‍යත්වය ඔසවා තැබෙන අවස්ථාවක් – කථානායක කරූ ජයසූරිය

Podu Jana Peramunaඉස්ලාම් දහමේ පවතින දාර්ශනික හරය තුළ මනුෂ්‍යත්වය ඔසවා තැබෙන අවස්ථාවක් ලෙස ඊද් දුල් අල්හා හජ් මංග්‍යලය හැදින්විය හැකි බව හජ් දින සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කථානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. කථානායකවරයා විසින් නිකුත් කර ඇති හජ් දින සුභපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් පහත පරිදි කරුණු සදහන් කර ඇත.

ලෝ පුරා ඉස්ලාම් භක්තිකයන්ගේ අතිශය වැදගත් ආගමික සහ සංස්කෘතික උත්සවයක් ලෙස සැළකෙන ඊද් දුල් අල්හා හජ් මංග්‍යලය වෙනුවෙන් සුභ පැතුම් එක් කරන මේ මොහොතේ එහි වැදගත් හර පද්ධතීන් පිළිබඳව සිහිපත් කිරිම කාලෝචිත වේ. දෙවියන් පිළිබඳ තමන් තුළ ඇති විශ්වාසය සහ භක්තියද, කැප කිරිම සහ පරිත්‍යාගයද මෙහිදි අරුත් ගැන්වේ. ලොව පිළිගත් සෑම ප්‍රධාන ආගමක් මඟින්ම අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය තුළ මානව දායාවෙන් පිරි යහපැවැත්මක් නිර්මාණය කිරිමයි. මෙවන් ආගමික , සංස්කෘතික සැමරුම් මඟින් විටින් විට සිහිපත් කර දෙන්නේ එම යහපත් අරමුණයි. සියවස් ගණනාවක් පුරා ඉස්ලාම් දහම අදහන ශ්‍රි ලාංකිකයන් විසින් සමාජයේ සියලු කොටස් සමඟ එම යහපත් ගණුදෙනුව සිදුකර ඇති බවද, ඉදිරියටද ඔවුන් එකම ශ්‍රි ලාංකික ජාතියක ගෞරවනිය සමාජිකයන් ලෙස මාතෘභූමිය වෙනුවෙන් කැපවනු ඇති බවද මාගේ විශ්වාසයයි. සිය ශුද්ධ වු විශ්වාසයන් සමඟින් හජ් වන්දනාවේ යෙදුණූ ශ්‍රි ලාංකිකයන්ගේ පුජෝපහාරයන් මෙන්ම බැතිබරව ඊද් දුල් අල්හා හජ් මංග්‍යලය සමරන සමස්ත ශ්‍රි ලාංකේය ඉස්ලාම්වරුන්ගේ කැප කිරිම හා පරිත්‍යාගය ශුද්ධ වූ අල්ලාහ් දෙවියන්ගේ පිළිගැනිමට ලක් වේවා යැ’යි ප්‍රාර්ථනා කරමින් ඊද් මුබාරක් යනුවෙන් නව අවුරුදු උදාවට ආසිරි පතමි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට