සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය අද සහ හෙට අනුරාධපුරයේ..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අද (12) අනුරාධපුරය ප්‍රදේශයට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව ඊයේ (11) කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති එම පක්ෂ සම්මේලනයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් පවසා සිටින ලදී. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද රාත්‍රි 7.00 ට රුවන්වැලිමහා සෑය අසළදී ආශීර්වාද පුජාවක් පැවැත්වෙන අතර මෙම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතව ඇත. එමෙන්ම මෙම පිරිස හෙට (13) පෙරවරුවේ ජය ශ්‍රි මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීමට ද නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට