බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමෙන් 8488 ක් දැලේ..
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ අරමුණ ඇතිව පසුගිය 05 වනදා සිට දියත් කරන ලද විශේෂ රථ වාහන මෙහෙයුමෙන් මෙතෙක් බීමත් රියදුරන් 8488 ක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බව වාර්තා වේ. ඊයේ (12) පෙරවරු 06.00 සිට අද (13) පෙරවරු 06.00 දක්වා ගතවූ පැය 24 ක කාලය තුළ පමණක් බීමත් රියදුරන් 155 ක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.