සත්‍යයේ පුවත් අඩහැරය….

අති නවීන එස් 14 බලවේග කට්ටල දුම්රිය දිවයිනට, පරීක්ෂණ ධාවනයෙන් පසුව උඩරට ධාවනයට..

Podu Jana Peramunaචීනයෙන් ආනයනය කළ අති නවීන එස් – 14 බලවේග කට්ටල දුම්රියක් ඊයේ (13) කොළඹ වරායෙන් මෙරටට ගොඩබාන ලද බව ප්‍රවාහන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. මෙම බලවේග දුම්රිය කට්ටලයක වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 10.3 කි. එනම් මෙරට මුදලින් රුපියල් මිලියන 1839.5 කි. මෙවැනි බලවේග කට්ටල නවයක් මෙරටට ගෙන ඒමට නියමිතව ඇති අතර මෙම දුම්රිය උඩරට මාර්ගයේ ධාවනයට විශේෂයෙන්ම සකස් කර ඇති බව ද වාර්තා වේ. එංජින් දෙකකින්, වායුසමනය කළ මැදිරි දෙකකින්, දෙවැනි පංතියේ මැදිරි දෙකකින් සහ තෙවැනි පංතියේ මැදිරි තුනකින් සමන්විත මෙම දුම්රිය කට්ටලය සතුව භෝජන මැදිරියක්ද වෙයි. පරීක්ෂණ ධාවනයෙන් පසුව මෙම දුම්රිය උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට යෙදවීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට