නිකිණි පොහොය දිනය අදයි..
නිකිණි පුර පසලොස්වක පොහොය දිනය අද (14) යි. නිකිණි පුර පොහොය දිනය තුළදී ද ඉතා වැදගත් සිදුවීම රැසක් සිදුව ඇති බව බෞද්ධ ඉතිහාසයේ සදහන්ව ඇත. ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේ නිකිණි පොහොය දිනකදීය. ඒ රජගහ නුවරදී අජාසත් රජුගේ දායකත්වයෙනි. එමෙන්ම ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම, බුදුන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල චෛත්‍ය ඉදිකිරීම ඇරඹීම, පෙරවස් මඟ හැර ගිය භික්ෂුන් වහන්සේලා පසුවස් සමාදන්වීම ආදී සිදුවිම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනකදී සිදුව ඇත.