නවසීලන්ත පිල 249 ට දැවෙයි, අකිල කඩුළු 05 යි..
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සදහා පන්දුවට පහරදුන් නවසීලන්ත පිල සියළුදෙනා දැවී ලකුණු 249 ක් ලබාගත් අතර අකිල ධනංජය කඩුළු 05 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දක්වන ලදී. වර්ෂාව හේතුවෙන් ඊයේ (14) දිනයේදී තරගය අත්හිටුවන විට නවසීලන්ත පිල කඩුළු 5 ක් දැවී ලකුණු 203 ක් ලබාගන්නා ලදී. අද (15) තරගයේ දෙවන දිනයයි.