සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

භික්ෂුන් වහන්සේ සම්බන්ධව යම් ප්‍රකාශයක් නිකුත් කරන විට අතිශය වගකීමෙන් කළ යුතුයි – කථානායක කරු ජයසූරිය

Podu Jana Peramunaඉතිහාසය පුරාම ශ්‍රී ලාංකේය සභ්‍යත්වය සංස්කෘතිය ජාතික හැඟීම ආරක්ෂා කළ මහා පවුර බවට පත් වුණේ භික්ෂුන් වහන්සේ බවත් එම පවුර දුර්වල කරවන සුළු ඕනෑම ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් තුළින් ශ්‍රී ලාංකික ජාතියෙහි අනන්‍යතාවය ට තර්ජනයක් ඇතිවන බවත් ඒ නිසා භික්ෂුන් වහන්සේ සම්බන්ධව කිසියම් ප්‍රකාශයක් නිකුත් කරන විට අතිශය වගකිවයුතු භාවයෙන් කටයුතු කළ යුතු බවත්, කථානායක කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.කොත්මලේ දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් විද්‍යාලෝක පරිවේණාධිපති කහත්තේවෙල චන්ද්‍රජෝති නායක හිමියන් ට අක්තපත්‍ර පිළිගැන්වීම නිමිත්තෙන් කොත්මලේ රාවණාගොඩ විද්‍යාලෝක පිරිවෙන් විහාරස්ථානයේ දී පැවති උත්සවය අමතමින් කථානායක කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කරන ලදී.

මෙම උත්සව අවස්ථාව මල්වතු පාර්ශවයේ අනුනායක අග්ග මහා පණ්ඩිත නියංගොඩ විජිතසිරි නායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී තවදුරටත් සිය අදහස් පළකළ කරූ ජයසූරිය මහතා පහත පරිදි කරුණු සදහන් කරන ලදී.

ආගම පමණක් නොව ශ්‍රී ලාංකීය සංස්කෘතිය භාෂාව සාහිත්‍ය මෙන්ම හෙළ වෙදකමද අධ්‍යාපනයද පරපුරෙන් පරපුරට ආරක්ෂා කළ මධ්‍යස්ථානය වන්නේ පන්සලයි. ධර්ම ශාලාවෙන් සහ භික්ෂුන් වහන්සේගේ අවවාද වලින් දුරස් වූ සමාජය අසහනයෙන් පිරී ගියා. අද වන විට ලොව පුරා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශනය කෙරෙහි විශාල පැහැදීමක් ඇති වී තිබෙනවා. එහිදී මුළු ලෝකයටම දහම් පහස ලබා දීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කිරීමට පිරිසිදු ථෙරවාදී බුදුදහම පවතින ශ්‍රීලංකාවට හැකියි. ඊට දැනුමෙන් සන්නද්ධ වියත් භික්ෂුන් වහන්සේලා ශ්‍රී ලංකාව තුළ නොඅඩුව වැඩ වසනවා. ආතර් සී. ක්ලාක් මහතා මීට දශක 2 කට පෙර පළකළ අනාවැකිය අනුව ද වැඩි කල් නොගොස් ලෝකයේ ශ්‍රේෂ්ඨතම ආගමික දර්ශනයක් බවට බුදුදහම පත්වේවි. බුදු දහම තුළ අනෙකුත් සියළුම ආගමික දර්ශනයන්ට ගරු කරන්නැයි පෙන්වා දී තිබෙනවා. ඒ අනුව කිසිඳු බෞද්ධයෙකුට ආගම්වාදියෙකු හෝ ජාතිවාදියෙකු විය නොහැකියි.

සංඝනායක ධුරයකට හැම අතින්ම සුදුසු සම්භාවනීය නායක ස්වාමීන් වහන්සේ නමක් හැටියට කහතතේවෙල චන්ද්‍රජෝති හිමිපාණන් වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන මෙම පුජෝත්සවයට මම සහභාගී වෙන්නේ ඉතාමත් කැමැත්තෙන් හා ගෞරවයෙන්. උන් වහන්සේ ඉතාමත් ගෞරවනිය සඟ පරපුරක් නියෝජනය කරන්නේ. තමන්ගේ ගුරු දේවයන් වහන්සේගෙන් පස්සේ පිරිවෙන් විහාරස්ථානය දියුණුවෙන් දියුණුවට පත්කරමින් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකඛාධිකාරි ධූරය දරමින් අනලස්ව ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් උන්වහන්සේ කැප වුණා.

ඒ වගේම අප දන්නවා උන් වහන්සේ විදේශ ගතවත්, මහා බ්‍රිතාන්‍යයේ විශාල ආගමික සේවාවක් ඉටුකළ බව. මේ සේවය නිසාමයි උන් වහන්සේට අද මේ ලැබෙන නායක පදවිය සංඝසභාව විසින් ඒකමතිකව, සියලු ගෞරවනීය භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාදය සමඟ ලැබෙන්න කටයුතු යෙදුණේ. විශේෂයෙන්ම සදාචාරසම්පන්න, විනයගරුක සමාජයක් බිහි කිරිමේදි, වර්තමානයේ දැන උගත් භික්ෂුන් වහන්සේලාගේ සේවය, මඟ පෙන්විම සමාජයට අතිශයින් වැදගත් යුගයක්. භික්ෂුන් වහන්සේගේ අවවාද, අනුශාසනා ලබපු පන්සල ඇසුරෙන් හැදුණු වැඩුණු පුද්ගලයෙක් විදියට මාගේ ජිවිතයේ විශාල ආශිර්වාදයක් එයින් ලැබුණු බව මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරන්න කැමතියි. මේ කොත්මලේ ප්‍රදේශයට එනකොට විශාල ඓතිහාසික පසුබිමක් අපට සිහිපත් වෙනවා. දුටුගැමුණු රජතුමාට රැකවරණය දීපු යෝධ ජාතික සටනකට අවශ්‍ය පන්නරය ලබාදීපු බිමක් මේ.

ඒ වගේම විදේශ ආධිපත්‍යයට එරෙහිව කන්ද උඩරට රාජධානිය ආරක්ෂා කර ගැනිම සඳහා, දළදා වහන්සේ ආරක්ෂා කර ගැනිම සඳහා සටන් වැදුණු ධෛර්ය සම්පන්න නිර්භය මිනිසුන් ඔබේ මුතුන් මිත්තන් හැටියට ඔබට වැදගත් ඉතිහාසයක් නිරිමාණ කර තිබෙනවා. විශේෂයෙන්ම මෑත ඉතිහාසයේදි කොත්මලේ ජනතාවගේ ශක්තියෙන් නිරිමාණය වුණූ ප්‍රතාපවත් ජාතික නායකයෙක් හැටියට ගාමිණි දිසානායක මැතිතුමා විශාල යුග මෙහෙවරක් ඉටුකර තිබෙනවා. මේ ගහකොළ පිරුණු පරිසරය තුළ සොබාදහමත් එක්ක ජීවත් වන මිනිස්සු තුළ තවමත් නගරයේ නැති දියුණූ බවක්, ආගම දහමත් එක්කලා සමීප බවක්, තිබෙනවා. ඔවුන් හට අයිතිවාසිකම් ගැන පමණක් නෙමෙයි යුතුකම් හා වගකීම් ගැනත්, හැඟිමක් තිබෙනවා. මේ හැඟිම පෝෂණ වුණේ පන්සලෙන්. ඒක තමයි ගමේ ශක්තිය. ඒ නිසා අද දවසේ අපේ නායක ස්වාමින් වහන්සේට මේ පදවිය ලැබුණට පස්සේ ඒ සමාජ මඟ පෙන්විම තව දුරටත් පුළුල්ව ශත්කිමත්ව ඉටු කරන්න හැකිවන බව විශ්වාසයි. ඒ සඳහා උන් වහන්සේට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

මෙම අවස්ථාව සදහා වැවිලි කර්මාන්ත ඇමති නවින් දිසානායක, හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට