අත්අඩංගුවට පත් බීමත් රියදුරන් ගණන 9500 ත් පනී..
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පසුගිය ජූලි 05 වනදා සිට දියත් කරන ලද විශේෂ මෙහෙයුමෙන් මේ දක්වා බීමත් රියදුරන් 9,524 ක් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව ඊයේ (19) උදෑසන 6.00 සිට අද (20) උදෑසන 6.00 දක්වා ගතවූ පැය 24 ක කාලය තුළදී බීමතින් රියපැදවූ 125 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසියට හැකිවී තිබේ.