සත්‍යයේ පුවත් අඩහැරය….

යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා මගී ප‍්‍රවාහන බෝට්ටු සේවය අද සිට..

Podu Jana Peramunaයූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා බේරේ වැව ඔස්සේ මගී ප‍්‍රවාහන බෝට්ටු සේවයක් අද (22) සිට ආරම්භ කරේ. මෙම මගී ප‍්‍රවාහන බෝට්ටු සේවය ඊයේ (21) නිල වශයෙන් ආරම්භ කරනු ලැබූ අතර කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ පියවරක් වශයෙන් යූනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා බේරේ වැව ඔස්සේ මෙම මගී බෝට්ටු සේවය ක‍්‍රියාත්මක කෙරෙනු ඇත. මෙම මගී බෝට්ටු සේවයේ මෙහෙයුම් කටයුතු මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සිදුකරන අතර වායු සමීකරණය කරන ලද බෝට්ටු මේ සදහා යොදා ගැනේ. මෙම මූලික පියවරෙහි සාර්ථකත්වය අනුව ඉදිරි කාලයේදී වැල්ලවත්තේ සිට බත්තරමුල්ල, මට්ටක්කුලියේ සිට හංවැල්ල සහ මට්ටක්කුලියේ සිට මීගමුව දක්වාත් මගී ප්‍රවාහන සේවාවන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට