සත්‍යයේ පුවත් අඩහැරය….

අපේ සහය ජාතික අපේක්ෂකයෙකුට පමණයි – සාධාරණ සාමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය හිමිවන්නේ දේශපාලන පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයෙකුට නොව ජාතික අපේක්ෂකයෙකුට පමණක් බව සාධාරණ සාමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. එම සංවිධානයේ කැඳවුම්කරු මහචාර්ය සරත් විජේසුරිය මහතා විසින් මෙම අදහස් පළකරන ලද්දේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් සිය අදහස් පළකරමින් විජේසූරිය මහතා පවසා සිටියේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුකර ගැනීමට නොහැකි වු දේවල් සිදුකර ගැනීම සදහා සුදුසු පුද්ගලයෙකු අපේක්ෂකයා විය යුතු බවයි.

ඒ වෙනුවෙන් මෙරට සෑම ආගමකටම පාහේ ලැදි සමස්ත ජාතීන් පිළිබද අවධානය යොමුකරමින් දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකරන ජාතික අපේක්ෂකයෙක් පත්කර ගත යුතුව ඇති බවද සරත් විජේසූරිය මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට