විශේෂ රථවාහන මෙහෙයුමෙන් බීමත් රියදුරන් 9885 ක් අත්අඩංගුවට..
මාස එක හමාරක කාලයක් පුරා දියත් කරමින් තිබෙන බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම තුළින් මේ දක්වා බීමත් රියදුරන් 9885 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අදාළ විශේෂ මෙහෙයුම පසුගිය ජූලි මස 05 වන දින ආරම්භ කරන ලද අතර ඊයේ (21) පෙරවරු 6.00 සිට අද (22) පෙරවරු 6.00 දක්වා ගතවූ පැය 24 ක කාලය තුළ පමණක් එම මෙහෙයුම තුළින් බීමත් රියදුරන් 193 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.