ප්‍රදේශ රැසකට අද තද වැසි..
බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුර යන පළාත්වල ප්‍රදේශ රැසකට අද (22) දිනය තුළදී තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඉහත පළාත් තුළ ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 100 ක් ඉක්මවූ තද වැසි ද ඇති විය හැකි බවත් ඒ අනුව දිවයිනේ නිරිතදිග කොටස තුළ මේ වන විට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ද ඉදිරි කාලය තුළදී බලාපොරොත්තු විය හැකි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.