ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වේ..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (26) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අද පස්වරු 06.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතය. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරමින් මෙහිදී කරුණු සාකච්ඡා කරන බව පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.