සත්‍යයේ පුවත් අඩහැරය….

වැසීමට ගිය ලක්දිව ඉංජිනේරු සමාගම යළිත් නඟාසිටුවීම සේවකයින් ලද විශිෂ්ට ජයග්‍රහණයක් – අමාත්‍ය අර්ජුන රණතුංග

Podu Jana Peramunaපැරණි බස් රථ අලුත්වැඩියා කරනු ලබන ලක්දිව ඉංජිනේරු සමාගම 2019 වසරේ ජනවාරි – අගොස්තු අතර කාලයේදී රුපියල් මිලියන 35 ක ලාභයක් උපයා ඇති බව එම සමාගම් ප්‍රගති සමාලෝචන වාර්තාව අනාවරණය කර සිටියි. අදාළ කාලය තුළ සමාගම විසින් බස්රථ 107 ක් ප්‍රති නිෂ්පාදනය කර තිබේ. 2018 වසරේ ජනවාරි සිට අගොස්තු දක්වා කාලයට සාපේක්ෂව සමාගමේ කාර්යක්ෂමතාව සියයට සියයකින් ඉහළ යාමක්ද සිදුව ඇතැයි අදාළ ප්‍රගති සමාලෝචන වාර්තාව වැඩිදුරටත් සදහන් කර සිටියි.

සමාගමේ සේවක ශ්‍රම දායකත්වයෙන් සහ දැනුමින් ඉදිකර විවෘත කරන ලද සමාගමේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේදී මෙම ප්‍රගති සමාලෝචන වාර්තා ප්‍රකාශයට පත්විය. ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් මෙම දුම් පර්යේෂණ මධ්‍යෂ්ථානය විවෘත කරන ලදී.

මෙහිදී ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ වැසීමට ගිය සමාගමක් යළිත් නඟා සිටුවීමට හැකි වීම සමාගමේ සේවකයින් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පහත පරිදි සිය අදහස් පළකර ඇත.

“මම අමාත්‍යාංශය භාර ගන්නා විට ලක්දිව ඉංජිනේරු සමාගම වැහෙන්න ඔන්න මෙන්න තිබුණේ. නමුත් ඉතා කෙටි කාලයකදී මේ සමාගම ඉහළ ජයග්‍රහණ රැසක් ලබා ගත්තා. ඉස්සර මේ සමාගම මාසයකදී හැදූ බස්රථ සංඛ්‍යාව 7ක් පමණ වුණා. අද බස්රථ 15 ක් මාසයකට හදනවා. ඉදිරියේ එම සංඛ්‍යාව 20 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම සමාගමේ ව්‍යාපාරික අවස්ථා තවත් පුළුල් කරමින් ජපන් රථවාහන අළුත් වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් මේ සමාගම් භූමියේ ස්ථාපිත කිරීමටත් අපි අපේක්ෂා කරනවා”

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට