පාස්කු ඉරිදා ප්රහාරය, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අද විශේෂ සාකච්ඡාවක..
පසුගිය පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අද (02) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අද පස්වරු 03.30 ට පාර්ලිමේන්තුවේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර එම විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.