සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළමු විස්සයි විස්සේ ජය නවසීලන්තයට..

Podu Jana Peramunaසංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (01) පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුළු 05 කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකිවිය. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්විණි.

මෙහිදී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිල පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහිදී සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ක් දැවි ලකුණු 174 ක් රැස් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. ඉනිම අරඹමින් පිටියට පිවිසි කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට ලකුණු 41 ක සබඳතාවක් ගොඩනැගූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 79 ක් ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 33 ක් ද ලබාගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීම සදහා පිටියට පිවිසි නවසීලන්ත පිලෙහි මුල් කඩුළු 03 ලකුණු 39 ක් තුළ දැවී ගිය නමුත් පන්දුවාර 19.3 කදී කඩුළු 05 ක් පමණක් දැවී ලකුණු 176 ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය. නවසීලන්තය වෙනුවෙන් රෝස් ටේලර් ලකුණු 48 ක් සහ කොලින් ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 44 ක් ලබාගැනීමට සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත තරගාවලිය 1- 0 ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්ත පිල සමත් විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට