පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමුවිමට ජනපති තීරණය කරයි ..
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ.ඒ අනුව ඉදිරියේ දී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කරයි.
ජනාධිපතිවරයා දැනුම් දෙන දිනයකදී ජනාධිපති ලේකම් කාර්යාලයේ දි එම හමුව පැවැත්විමට බලාපොරොත්තු වන බව ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කරයි. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගියදා ලිඛිතව ඉල්ලීමක් කර තිබු අතර අදාළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් හමුවීමට ජනාධිපතිවරයා කැමැත්ත පල කර ඇති අතර ඒ සඳහා දිනයක් දැනුම් දෙන බව ද එම කාරක සභාව දැනුම්වත් කර ඇත.