සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පක්ෂය ඇතැර වෙනත් පක්ෂවල සාමාජිකත්වය ලැබූ 05 කට විනය පරීක්ෂණ, ලිඛිතව දැන්වූවා – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට පත්වී පක්ෂය ඇතැර, වෙනත් පක්ෂවල සාමාජිකත්වය ලබාගත් 05 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග දියත් කරන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පිරිසට ලිඛිතව දැනුම්දුන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි.ඊයේ (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පළකරන ලදී. මෙහිදී සිය අදහස් දක්වමින් ඒ මහතා පහත පිරිදි වැඩිදුරටත් කරුණු සදහන් කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජියමුනි සොයිසා සහ ඒ.එච්.එම් ෆවුසි යන මහත්වරුන්ට අපි ලිපි මගින් දැනුම් දුන්නා මෙම විනය පරීක්ෂණ ගැන. දින 07 ක් ඇතුළදී ඔවුන් ඊට පිළිතුරු සපයන්න ඕනේ. පක්ෂයේ 68 වන සංවත්සරය පසුගියදා ඉතා සාර්ථකව පැවැත්වුනා. අතිවිශාල පිරිසක් සහභාගිවුනා ඒ සදහා. එහිදී පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය “සුනිල ජනවාදය” යන මැයෙන් එළි දැක්වූවා. එය හුදෙක් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් පමණක් නොවේ. රට ගොඩනගන නිසි වැඩපිළිවෙලක්. කෘෂි, සෞඛ්‍ය, ප්‍රවාහන, සේවා, කාර්මික ආදී සියඵ ක්ෂේත්‍ර සංවර්ධනය කරන වැඩපිළිවෙලක් එහි අන්තර්ගතයි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාද සිය අදහස් පළකළේ මෙලෙසිනි.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පවත්වා ඇති විවිධ වැඩසටසටහන් අතරින් වැඩිම ජන පිරිසක් සහභාගිවූ වැඩසටසටහ විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය දා පවත්වන ලද සංවත්සරය හැදින්විය හැකියි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඉඩකඩ සීමාවීම නිසා බොහෝ පිරිසකට සහභාගි වෙන්න නොහැකිවුනා සංවත්සරයට. ඒ පිළිබද කණගාටුව ප්‍රකාශ කරනවා. මෙම සංවත්සරයක් සමග පක්ෂය තුළ පිබිදීමක් ඇතිවෙලා තිබෙන්නේ. වැඩි ජනප්‍රසාදයක් තිබෙන පක්ෂයක් බවටත් පත්වෙලා පක්ෂය.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරකුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට