“ශ්‍රී දේවි” ගමන් අරඹයි, කොළඹ කොටුවේ සිට කංකසන්තුරය දක්වා අද සිට නව දුම්රියක්..
අද (05) සිට කොළඹ කොටුවේ සිට කංකසන්තුරය දක්වා නව නගරාන්තර දුම්රියක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මෙම නව දුම්රිය “ශ්‍රී දේවි” නමින් නම් කර ඇති අතර මෙම දුම්රිය කොළඹ කොටුවෙන් පස්වරු 3.55 ට ගමන් ආරම්භ කර රාත්‍රී 10.16 ට කංකසන්තුරේ දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිතව ඇත. එමෙන්ම එම දුම්රිය පසුදින අළුයම 3.45 ට කංකසන්තුරේ දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.