සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විනය පරික්ෂණ ගැන මෙතෙක් දැනුම්දී නෑ, විනය පරික්ෂණ අවශ්‍ය තමන්ට නොව පක්ෂය අගතියට පත්කරන පිරිස්වලටයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි

Podu Jana Peramunaතමන්ට එරෙහිව විනය පරික්ෂණ පවත්වන බවට මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත සිය අදහස් පළකරමින් ඒ මහතා මේ බව සදහන් කරන ලදී. මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ෆවුසි මහතා අවධාරණය කර ඇත්තේ විනය පරික්ෂණ පැවැත්විය යුත්තේ තමන්ට එරෙහිව නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගතියට පත්කළ පිරිස්වලට එරෙහිව බවයි.

කෙසේ වෙතත් ඊයේ (04) පවත්වන ලද මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ පක්ෂය අතහැර ගොස් වෙනත් පක්ෂ වල සාමාජිකත්වය ලබාගත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරවලට පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව අනිවාර්යෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කර තිබෙන බවයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජේමුණි සොයිසා සහ ඒ.එච්.එම්.ෆවුසි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 05 දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් දින 07 ක් තුළ නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස ලීඛිතව දැනුම්දී ඇති බව ද දයාසිරි ජයසේකර මහතා ඊයේ පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට