සත්‍යයේ පුවත් අඩහැරය….

වෙල්ගමගේ ප්‍රතිශෝධන පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි..

Podu Jana Peramunaතමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවකින් තමන්ව නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. රජයට රුපියල් ලක්ෂ 33 ක පාඩුවක් සිදු කළේයැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවකට එරෙහිව ඒ මහතා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබේ. කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 33 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් ගොනුකර ඇති මෙම නඩුව නීති විරෝධී ලෙස ගොනුකර ඇතැයි සඳහන් කරමින් ඒ මහතා විසින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කළ ද එය ප්‍රතික්ෂේප කර නඩුව අඛණ්ඩව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය ගන්නා ලද තීන්දුව නීතිවිරෝධී බව සදහන් කර නඩුවෙන් තමන්ව නිදහස් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි කුමාර වෙල්ගම මහතා සිය ප්‍රතිශෝධන පෙත්සම තුළින් ඉල්ලීමක් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට