බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි..
බිනර පුර පසළොස්වක පොහොය දිනය අද (13) යි. බිනර පුර පසළොස්වක පොහොය දිනයේදී බුද්ධ ශාසනයේ ඉතා වැදගත් සිදුවීම් කිහිපයක් සිදුවු බව බෞද්ධ ඉතිහාසයේ සදහන් වේ. මුල්වරට භික්ෂුණී ශාසනය පිහිටුවීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා ඇත්තේ බිනර පුර පසළොස්වක පොහොය දිනයකදීය. එසේම බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට ධර්මය දේශනා කර පළමු වස්සාන ඍතුව බරණැස් නුවර ඉසිපතනාරාමයේ වැඩ වාසය කිරීම ආරම්භ කරන ලද්දේද අද වැනි බිනර පුර පසළොස්වක පොහොය දිනයකදීය.