දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට..
මෙම දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. ඒ අනුව කොළඹ කොටුව සහ බදුල්ල අතර විශේෂ දුම්රිය හතරක් ධාවනයට එක්කර තිබේ. අද (13) උදෑසන 07.10 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා එක් දුම්රියක් ධාවනයට එක්කර තිබේ. බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 07.30 ට කොළඹ කොටුව දක්වා ද තවත් දුම්රියක් ධාවනය වීමට නියමිතය.