ගංජා කිලෝ 30 ක් සමග වැල්ලම්පිටියේදී සැකකරුවෙකු දැලේ..
ගංජා කිලෝ 30 යි ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට හැකිවී තිබේ. වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇති එම ප්‍රදේශයේම පදිංචි මෙම සැකකරු අද (14) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.