සත්‍යයේ පුවත් අඩහැරය….

පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු විටෙක එක්වන්නේ නෑ – අමාත්‍ය පී. හැරිසන්

Podu Jana Peramunaකිසිවිටෙක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් නොවන බව අමාත්‍ය පී. හැරිසන් මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබේ. මෙහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් පී. හැරිසන් මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව සලකුණ වෙනස් කිරීමට කිසිදු ආකාරයකින් එකඟ නොවන බැවින් එම පක්ෂ දෙක එක්නොවන බවයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සුළු දේශපාලන පක්ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති බැවින් එම සාකච්ඡාවෙන් පසුව පක්ෂයේ අර්බුදකාරී තත්ත්වය විසඳෙනු ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් කරුණු දක්වමින් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට