සත්‍යයේ පුවත් අඩහැරය….

සජිත් පේ‍්‍රමදාස සහ සුළු දේශපාලන පක්ෂ අතර අද විශේෂ හමුවක්..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ සුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර අද (14) විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ සාකච්ඡාව පවත්වන ස්ථානයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවද වාර්තා වේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතා පසුගිය අඟහරුවාදා දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවති අතර එක්සත් ජාතික පෙරමුණට සහය දෙන සුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නැයි එහිදී අග්‍රාමාත්‍යවරයා, සජිත් පේ‍්‍රමදාස මහතාට කරන ලද දැනුම් දීම අනුව ඉහත සාකච්ඡාව අද දිනයේදී පැවැත්වීමට නියමිතව ඇත. එම සාකච්ඡාවට සජිත් පේ‍්‍රමදාස මහතාට අමතරව අමාත්‍යවරුන් වන මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම්, මංගල සමරවීර සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ද සහභාගී වනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට