සත්‍යයේ පුවත් අඩහැරය….

පක්ෂ මාරුකළ පස්දෙනාගේ මන්ත්‍රීධූර අහෝසිවීමේ අවදානමක් තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaවෙනත් පක්ෂවල සාමාජිකත්වය ලබාගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස් දෙනා, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සහභාගී නොවුණහොත් හෝ එහිදී සෑහීමකට පත්විය නොහැකි ලෙස කරුණු ඉදිරිපත් කළහොත් පක්ෂයෙන් නෙරපා හැරිය හැකි බවත් ඒ සමඟ ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසිවීමේ අවදානමක් පවතින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි.මාධ්‍ය වෙත අදහස් පළකරමින් දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පළකර ඇති අතර එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන ලද යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, පක්ෂයෙන් නෙරපුවහොත් අදාළ මන්ත්‍රීධූරය අහෝසිවීමේ අවදානමක් පවතින බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් වන එස්.බී.දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා සහ ඒ.එච්.එම්.ෆවුසි යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස් දෙනා වෙනත් පක්ෂ වල සාමාජිකත්වය ලබාගැනීම හේතුවෙන් දින 07 ක් ඇතුළත ඒ පිළිබදව නිදහසට කරුණු දක්වන්නැයි කරන ලද දැනුම් දීමට අනුව ඔවුන් දැක්වු කරුණු ප්‍රමාණවත් නොවීම නිසා එම පස්දනාට එරෙහිව විනය පරීක්ෂණ සිදුකිරීමට කටයුතු කරන බවත් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට