සත්‍යයේ පුවත් අඩහැරය….

අනිද්දා දීපව්‍යාප්ත වර්ජනයක් දියත් කරනවා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaරජය විසින් සකස් කර ඇති රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව හෙට (17) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් අනිද්දා (18) සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් දියත් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. අද (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම මාධ්‍ය හමුවේදී පහත පරිදි වැඩිදුරටත් අදහස් පළකළේය.

2006 වර්ෂයේ දී බිහිවූ වැටුප් ප්‍රතිපත්තිය ආරක්ෂා කිරීමට පැවති සියළු රජයන් කටයුතු කළ නමුත් වත්මන් ආණ්ඩුව එය උල්ලංඝණය කළා. ඒ හේතුවෙන් ඇතිවූ වැටුප් විෂමතාවය නිවැරදි කිරීමට රජය කටයුතු කළයුතුව තිබෙනවා.

මෙරට වෛද්‍යවරුන්ගේ දීමනා වර්තමානයට ගැළපෙන ආකාරයට යාවත්කාලීන කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදී ඇතත් මුදල් අමාත්‍යංශය විසින් ඊට අදාළ කටයුතු මෙතෙක් සිදුකර නෑ.

මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය නීතිගත කිරීමට අවශ්‍ය කටයුතු පවා මෙතෙක් සිදුකර නෑ. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය මේ වන විට දේශපාලනීකරණය වෙලා. ඖෂධ අර්බුදයක් පවා මේ වන විට රට තුළ උද්ගත වෙලා තිබෙන්නේ. මෙම අසතුටුදායක තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට සංගමය බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම අදාළ තත්ත්වයන් නිවැරදි කිරීමට බලධාරීන්ට බලපෑම් කිරීමට කටයුතු කරනවා.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට