සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි..

sadakadapahanaවැටුප් විෂමතා ගැටලුව මුල්කර ගනිමින් දුම්රිය රියදුරන්, නියාමකවරු, ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය සේවකයින් පසුගිය 25 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ අඛණ්ඩ දුම්රිය වර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙයි.වර්ජනය ක්‍රියාත්මක කළ 25 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ වනතුරු උඩරට දුම්රිය මාර්ගයේ කිසිදු දුම්රියක් ද ධාවනය වී නොමැති බව වාර්තා වේ.මෙම වර්ජනය සම්බන්ධව දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ ශ්‍රේණි විෂමතාව ඉවත් කරන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.කෙසේ වෙතත් පසුගිය සිකුරාදා පස්වරුවේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී අවධානයට ලක්වී ඇත්තේ වර්ජකයින් සමඟ සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳාගත නොහැකි වුවහොත් දුම්රිය යළි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට