සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පිරිවෙන් ගුරුවරයාට අහිමිකර තිබෙන රාජ්‍ය සේවා විශ‍්‍රාම වැටුප නොපමාව ලබා දෙන්න, ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට ලිපියක්..

Podu Jana Peramunaපිරිවෙන් ගුරුවරයාට අහිමිකර තිබෙන රාජ්‍ය සේවා විශ‍්‍රාම වැටුප නොපමාව ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලිපියක් යොමුකර ඇත. ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමයේ ලේකම් පූජ්‍ය මීගහජඳුරේ සීලානන්ද හිමියන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමුකර ඇත. අදාළ ලිපියෙහි වැඩිදුරටත් පහත කරුණු සදහන් කර තිබේ.

පසුගිය සැප්තැම්බර් 26 සහ 27 යන දෙදින පිරිවෙන් ගුරු, ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයේ දී ඉදිරිපත් කරන ලද ඉල්ලීම් හයෙන් එකක් වුයේ පිරිවෙන් හා උපකෘත පාසල් ගුරුවරුන් සඳහා රාජ්‍ය සේවක විශ‍්‍රාමය ලබාදීමයි. 6800 ක් පමණ වන පිරිවෙන් ගුරුවරුන් හා 2000 කට අඩු උපකෘත පාසල් ගුරුවරුන් ඇතුළු 8200 කට අඩු පිරිවෙන් හා උපකෘත පාසල් ගුරුවරුන් සදහා රාජ්‍ය සේවක විශ‍්‍රාමය මේ දක්වා අහිමි කර තිබේ. ඒ වෙනුවට මුලික වැටුපෙන් 12% ක් කපා ගනිමින් දායක විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය යටතේ විශ‍්‍රාම ගන්වන ක‍්‍රියාවලියක් අනුගමනය කර ඇත. ගුරු සේවයට සමාන්තරව පිරිවෙන් ගුරුසේවය ඇති කරමින් ගුරුසේවයේ සියලූ වරප‍්‍රසාද හා අයිතිවාසිකම් පිරිවෙන් ගුරුවරයාට ද ලබාදීමට එකඟ වී ඇත. ඒ අනුව 09/2014 චක‍්‍රලේඛය පරිදි අග‍්‍රභාර රක්ෂණ, දුම්රිය ගමන් බලපත‍්‍ර, දසමාසික ණය ආදිය පිරිවෙන් ගුරුවරයාට හිමිකර දී ඇත.

තව ද මේ දක්වා පිරිවෙන් ගුරුවරයාට අහිමිකර තිබු රාජ්‍ය සේවකයාට හිමිව තිබු ඡන්ද රාජකාරි අයිතිය ද මේ වන විට ලැබී ඇත. එසේම විභාග රාජකාරී අයිතිය ඉහත පදනම් යටතේ මේ වන විටත් ඉල්ලූම් කර ඇත. ඉහත කරුණු සියල්ල සලකා බලා මේ දක්වා පිරිවෙන් ගුරුවරයාට අහිමිකර ඇති රාජ්‍ය සේවා විශ‍්‍රාමය නොපමාව ලබා දෙන ලෙස මෙයින් ඉල්ලා සිටින්නෙමු.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට