සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ළමා මන්ද පෝෂණය දුරලමින් සහ පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කරමින් විප්ලවීය වෙනසක් සිදුකරනවා – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති කාර්ය සාධන බලකායන් පිහිටුවා මෙරට දරු පරපුර මුහුණ දී ඇති මන්දපෝෂණ ගැටළුවට විසදුම් ලබාදීම සදහාත් මෙරට පෙර පාසල් අධ්‍යාපනය ක්‍රමවත් කිරීම සදහාත් දින වකවානු සහිත වැඩපිළිවෙල් රැසක් දියත් කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී ඒ මහතා පහත පරිදි සිය අදහස් පළකරන ලදී.

අද ලෝක ළමා දිනය. මේ දිනය අපි ඉහළින් සැමරුවාට මේ වන විට රටේ අනාගත පරපුර වන අද දවසේ දරුවන් දැඩි සෞඛ්‍ය ගැටළුවකට මුහුණ දී සිටින්නේ. ඒ තමයි මන්දපෝෂණය. මේ හේතුවෙන් අනාගතයේ රටට දැවැන්ත ගැටළු රාශියකට මුහුණදීමට සිදුවනවා. ඒ නිසා ඒ වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් සකස් කරන්න මා බලාපොරොත්තු වනවා. ජනාධිපති කාර්ය සාධන බලකායක් මගින් දින වකවානු සහිතව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදනවා.

එමෙන්ම අද මෙරට පෙර පාසල් අධ්‍යාපනයත් දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක තිබෙන්නේ. නිසි නියාමනයක් නෑ. නිදහස් නෑ. නිවහල් නෑ. මෙයත් දැඩි ගැටළුවක් රටේ අනාගතය කෙරෙහි. එම නිසා රටේ පෙර පාසල් අධ්‍යාපනය නිසි මගට ගැනීමටත් මා සතුව වැඩපිළිවෙලක් තිබෙනවා. එයත් දින වකවානු සහිතව ක්‍රියාත්මක කිරීම තමයි මාගේ අරමුණ. ඒ අනුව දෙමව්පියන්ට කිසිදු මුදලක් වැකිරීමට සිදුනෙවාන, රාජ්‍ය තන්ත්‍රය මැදිහත්ව නියමානය කරනු ලබන නිදහස් නිවහල් ජාත්‍යන්තර මට්ටමේ පෙර පාසල් අධ්‍යාපනයක් රට තුළ ඇතිකිරීමට හැකි වේවි.

ලෝක වැඩිහිටි දිනයත් අදට යෙදිලා තිබෙන්නේ. වැඩිහිටියනුත් අද වන විට ගැටළු රැසකට මුහුණ දී සිටිනවා. ඒ සම්බන්ධයෙනුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිම අත්‍යාවශ්‍යයි. මා සතුව ඒ කාර්යය සම්බන්ධයෙනුත් වැඩපිළිවෙලක් තිබෙනවා. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු මෙම විප්ලවීය වෙනස් සිදුකිරීමට මා බලාපොරොත්තු වෙනවා.

මෙම මාධ්‍ය හමුවට අමාත්‍ය තලතා අතුකෝරළ සහ කොළඹ පුරපති රෝසි සේනානායක යන මහත්මීන්ද සහභාගි වී සිය අදහස් පළකරන ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට