සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි සහ පොලිස්පති පූජිත්ට එරෙහි පෙත්සම් විභාගයට අවසර..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව කණ්ඩායම් කිහිපයක් විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් විභාගයට ගැනීම සදහා අධිකරණය විසින් අද (02) අවසර ලබාදී ඇති බව වාර්තා වේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී. බී .දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් විසින් මෙම අවසරය ලබාදී ඇත.

නිසි පරිදි බුද්ධි තොරතුරු ලබාදී තිබියදීත් පසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම නිසා මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව අදාළ පෙත්සම් ගොනුකර තිබේ. මේ පෙත්සම් වලට අදාළ විරෝධතා ඇත්නම් ඒවා ලබන නොවැම්බර් 08 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස ද වග උත්තරකරුවන් වෙත නියම කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට