සහය දෙන්නේ කාටද? අවසන් තීරණයක් ගන්න ශ්‍රී.ල.නි.ප යේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි..
ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න පිළිබද අවසන් තීරණයකට පළකිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (05) රැස්වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රි ජනාධිපති නිල නිවසේදී මධ්‍යම කාරක සභාව රැස්වෙනු ඇත.