ගිනි අවි 04 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මීරිගමදී දැලේ..
ගිනි අවි 04 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මීරිගම, ලොලුවාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ගම්පහ කොට්ඨාස නීති බල ගැන්විමේ ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවි 03 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද (10) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.