සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපතිවරණ අපේක්ෂකයින් 35 අතරින් අසාර්ථකම සහ දුර්වලම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස, ඔහුගේ පරාජය සහතිකයි – දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 35 දෙනා අතරින් අසාර්ථකම සහ දුර්වලම අපේක්ෂකයා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බවත් එක්සත් ජාතික පක්ෂය බලයට පත්වූ විට ජනතාව බලාපොරෛාත්තු වූ කිසිවක් ඉටුනොවූ බවත් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි.දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා විසින් මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (09) කොළඹ, ජාතික පුස්තකලා හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී හේවාපතිරණ මහතා වැඩිදුරටත් පහත පරිදි අදහස් පළකරන ලදී.

සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සිදුවෙලා තිබෙන්නේ තමන්ටවත් අයිති පක්ෂයකින් සහ ලකුණකින්. ගියවර මෛත්‍රීපාල සිරිසේන මහතාව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළෙත් වෙනත් පක්ෂයකින් සහ ලකුණකින්. රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ රවී කරුණානායක මහතාගේ කොන්දේසි වලට යටත්වෙලා තමයි සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සිදුවෙලා තිබෙන්නේ.

වත්මන් ආණ්ඩුව මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය විකුණන විට සජිත් ප්‍රේමදාස මහතා කසාය බීපු ගොළුවෙක් වගේ බලාගෙන හිටියා. එහෙම මදලා දැන් ජනතාව ඉදිරියට ගිහින් ඡන්දය ඉල්ලුවට ජනතාව ඡන්දය දෙයි කියලා විශ්වාස කරන්න බෑ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා ලබන නොවැම්බර් 16 වනදා අනිවාර්යයෙන් පරාජයට පත්වෙනවාමයි.

වසර 25 ක් තිස්සේ පරාජයට පත්වූ එක්සත් ජාතික පක්ෂය යළි බලයට පත්වුනා කියලා ජනතා බලාපොරොත්තු ඉෂ්ඨ වුනේ නෑ. එක්සත් ජාතික පක්ෂය මේ වන විට කරමින් සිටින්නේ ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීම, සංස්කෘතිය විනාශ කිරීම ආදී දේවල්. මේ සියළුම කරුණු ගැන හිතලා මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදෙන්න කියලා සියළුදෙනානේම ඉල්ලා සිටිනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට