දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්..
මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක ඇතිවී තිබෙන වැසි තත්ත්වය, ඉදිරි දින කිහිපයේදී වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මෙරට ආසන්න පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු හා ඌව පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටියි.