සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බවට එල්ලවන චෝදන ප්‍රතික්ෂේප කරනවා – ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

Podu Jana Peramunaමැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බවට එල්ලවන චෝදන ප්‍රතික්ෂේප කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අවධාරණය කර සිටියි. පසුගිය දා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙම අදහස් පළකරන ලදී. ඒ අනුව එම මාධ්‍ය හමුවට සහභාගි වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර මහතා විසින් පහත පරිදි සිය අදහස් පළකර සිටියේය. මෙරට ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය දෙකක් පසුගිය දා ප්‍රවෘත්තියක් පළකළා, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කර සිටින බවට. ජනතාවට වැසිකිළි පහසුකම් ලබාදීම වෙනුවෙන් 2019 අයවැය යෝජනාවක් අනුව රුපියල් මිලියන 400 ක් මුදලක් වෙන් කර තිබුනා. අනුමත කළත් ඒ මුදල මේ දක්වාම අප වෙත ලැබී තිබුනේ. නමුත් අදාළ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර අවසන්. මේ සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා සාවද්‍යයි. මෙරට දුප්පත් ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීම සදහා පිහිටුවා ගෙන ඇති සෙවණ නිවාස අරමුදලට අයත් මුදල් දේශපාලන වැඩකටයුතු වෙනුවෙන් යොදවන බවටද තවත් චෝදණාවක් එල්ලකර තිබෙනවා. එයත් සාවද්‍ය චෝදනාවක්. මෙවැනි චෝදනා සම්බන්ධයෙන් අපගෙන් කිසිදු විමසීමක් නොකළ නිසා තමයි අපි මේ වගේ මාධ්‍ය හමුවක් පවත්වලා කරුණු පැහැදිලි කරන්න තීරණය කළේ. මෙම මාධ්‍ය හමුව සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලලිත් එදිරිසිංහ මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට