ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත් තිදෙනෙකු අත්අඩංගුවට..
තැපැල් ඡන්දය ලබාදී එම ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගන්නා ලද තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙම පුද්ගලයින් අතරින් දෙදෙනෙක් ගුරුවරුන් වන අතර අනෙක් පුද්ගලයා ගම්පොල පළාත් අධ්‍යාපන කාර්යාලයක මුරකරුවෙක් ලෙස රාජකාරි කරන අයෙක් බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.