සත්‍යයේ පුවත් අඩහැරය….

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අදියර දෙකක් අද විවෘත වේ ..

Podu Jana Peramunaදක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ අදියර දෙකක් අද දිනයේ ජනතා අයිතියට පත් කිරිමට නියමිතව ඇත.මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කළේ මාතර සිට මත්තල සහ හම්බන්තොට දක්වා කොටසෙහි කිලෝමිටර් 40ක ප්‍රමාණයක් අද පෙරවරුවේ විවෘත කිරිමට නියමිත බවයි. ඊට අමතරව අද පස්වරුවේ කඩවත සිට කෙරවලපිටිය දක්වා පිටත වටරවුම් මාර්ගය ද විවෘත කිරිමට නියමිත බව නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කරයි. මේ අතර අදාල මාර්ගය විවෘත කිරිම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කළ බව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මාර්ගය නිසි ඉදිකිරිමකින් තොරව දේශපාලන වාසි ලබා ගැනිමේ අරමුණින් විවෘත කිරිමට සැලසුම් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙම දැනුවත් කිරිම සිදු කළ බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට