පාදුක්කේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට..
පාදුක්ක ප්‍රදේශයේ ඊයේ (07) රාත්‍රී කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. පාදුක්ක, ගලගෙදර ප්‍රදේශයේ අවන්හලක් තුළ මෙම වෙඩිතැබීම සිදුව තිබේ. මුහුණු ආවරණය කරගනිමින් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සදහා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.