විපක්ෂ නායක ධූරය රනිල්ට දෙන්න, අකිලගෙන් කථානායකට ලිපියක්..
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක ධුරයට පත් කරන්නැයි එම පක්ෂය විසින් කථානායකවරයා වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙම ලිපිය යොමුකර ඇත.