දී.මූ ජයරත්න මහතාගේ දේහය ගුවනින් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත..
පසුගියදා අභාවප්‍රාප්තවූ මෙරට 14 වන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ දී.මූ ජයරත්න මහතාගේ දේහය අද (22) දින පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගුවන් මඟින් රැගෙන ඒමට නියමිතව ඇත. ඒ අනුව පස්වරු 01.00 සිට 03.00 දක්වා දේහයට ගෞරව කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට (23) දින දොළුව ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිතයි.