සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම් සහ ස්ථාන මාරුවීම්..

Podu Jana Peramunaපොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම් සහ ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව මධ්‍යම සහ ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතාට ඊට අමතරව නැගෙනහිර පළාතේ රාජකාරී ද පවරා තිබේ. එමෙන්ම එල්.එස් පතිනායක, ඩබ්ලිව්.එම්.එම් වික්‍රමසිංහ, ආර්.එම්.එන්.ජී.ඕ. පෙරේරා, ඊ.එම්.යු. වී. ගුණරත්න, කේ.එන්.ජේ. වෙදසිංහ, ඩී.ජේ. පලිහක්කාර, එල්.කේ.ජේ.ජී එස්. පීරිස් සහ එල්.පී.එස්.පී. සඳුන්ගහවත්ත යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ස්ථාන මාරුවීම් හා නව රාජකාරී පවරා තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධීකාරීවරුන් පස්දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස ද මාරුකර ඇත. පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මෙම කාර්යයන් සිදුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට