සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි..

Podu Jana Peramunaජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රජයේ අමාත්‍ය මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දෙන ලදී. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු, නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙසත් නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන ලදී. ආරුමුගන් තොණ්ඩමන් මහතා දිවුරුම් දුන්නේ ප්‍රජා සවිබල ගැන්වීම් හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසය. විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන ලද්දේ දිනේෂ් ගුණවර්ධන මහතායි. ඩග්ලස් දේවානන්ද මහතා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධුරයේ ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යවරිය ලෙස ද දිවුරුම් දෙන ලදී. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ධුරයේ බන්දුල ගුණවර්ධන මහතාත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යධූරයේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් මහවැලි, කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතාව හා පාරිභෝගික සුබසාධන අමාත්‍යධුරයේ චමල් රාජපක්ෂ මහතාත් දිවුරුම් දෙන ලදී. ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග හා මහා මාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය ධුරයේත් විමල් වීරවංශ මහතා කුඩා හා මධ්‍ය පරිමාණ, ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත සහ සැපයුම් කළමණාකරන අමාත්‍යධූරයේත් මහින්ද අමරවීර මහතා මගී ප්‍රවාහන කළමණාකරන, විදුලි බල හා බලශක්ති අමාත්‍ය ධුරයේත් දිවුරුම් දුන්නේය.
එස්.එම් චන්ද්‍රසේන මහතා පරිසර හා වන ජීවි සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන ලද අතර රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය ධුරයේත් දිවුරුම්දී ඇත. ප්‍රසන්න රණතුංග මහතා දිවුරුම් දෙන ලද්දේ කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට